කවද හරි අහලා තියෙනවාද පප්‍රභාසංස්ලේෂණය කරන සතුන් ගැන මේ එයාලා ගැනයි

ප්‍රභාසංස්ලේෂණ හැකියාව සතු සතුන්

Pea aphids ,  ACYRTHOSIPHON PISUM (HOMOPTERA: APHIDIDAE) ප්‍රමාණයෙන් 4-5mm පමණ වන කෘමි විශේෂයක් වන අතර අායු කාලය දින 30ක් පමණ වේ.
ප්‍රමාණයෙන් කුඩා වවුද විද්‍යාව නව මගකට ගෙන යාමට දායක වන කුඩිත්තන් විශේෂයකි.
⁣මොවුන්ට සූර්යාලෝකය භාවිතා කර පරාවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය නිපදවීමට සුවිශේෂි  හැකියාවක් ඇති අතර, ඔවුන් පරිවෘත්තීය අරමුණු සඳහා එම ශක්තිය භාවිතා කරයි .එනම් මොවුන් ප්‍රභාසංශ්ලේෂණයට සමාන හැකියාවක් ඇති සත්ව විශේෂයකි.

මොවුන් තුල තම අස්ථි වර්ධනය, පෙනීම වර්ධනය සහ විටමින් නිෂ්පාදනය වැනි තීරනාත්මක කාර්යයන් සඳහා අවශ්‍ය කැරටොනොයිඩ වර්ණක වර්ග ඇත. ස්වාභාවික සංඝටක වන මේවා සියලුම සතුන්,  රතු -තැඹිලි සංඝටක නිපදවන  ශාක, ඇල්ගී සහ දිලීර ආහාරයට ගැනීමෙන් ලබා ගනී.

. 2010 වසරේ දී ඇරිසෝනා විශ්ව විද්යාලයේ ජීව විද්යාඥයකු වන නන්සි මොරන් සහ ටයිලර් ජාර්වික් යන අය සොයා ගන්නා ලද්දේ  pea aphids නම් ශාක පත්‍ර වැනි  කුඩිත්තන්ට ඔවුන්ගේම කැරොටිනොයිඩ සාදා ගත හැකි බවයි. කුඩිත්තන් තුලට ඇතුළු වූ දිලීර ජාන පිටපත් වීම මගින් එම හැකියාව ලැබී ඇති බව සොයා ගන්නා ලදී .

කැරොටිනොයිඩ කුඩිත්තන්ගේ ශරීර වර්ණයට වගකිව යුතු අතර, පර්යේෂකයන් විසින් පාරිසරික තත්ත්වයන් වෙනස් කරමින් එම කෘමීන්ගේ වර්ණ පරික්ෂා කරන ලදී. ප්‍රශස්ත පරිසරවල දී, කුඩිත්තන් තුල මධ්‍යම  ප්‍රමාණයෙන් කැරොටිනොයිඩ නිපදවන අතර තැඹිලි පැහැයට හැරේ.
සීතල පරිසරයේදී, කෘමීන්ඩග් කැරොටිනොයිඩ ප්‍රමාණය ඉහල යන අතර ඔවුන් වඩාත් කොළ පැහැති වේ.  අවශ්‍ය  සම්පත් සීමිත ප්‍රදේශ වල උපදින කුඩිත්තන්ගේ වර්ණක නැති/ ඉතා අඩු වන අතර සුදු පැහැයක් ගනී.

කුඩිත්තන්ගේ ශක්තිය හුවමාරු කර ගැනීම සඳහා අවශ්‍ය  ATP මට්ටම් මනිනු ලැබූ විට සිත් ඇදගන්නා සුළු ප්‍රතිඵලයක් ලැබුනි. හරිත කුඩිත්තන් නිපදවන ATP ප්‍රමාණය සුදු පැහැ කුඩිත්තන් නිපදවන ප්‍රමාණයට වඩා වැඩි බව සොයා ගන්නා ලදී.
තවද තැඹිලි කුඩිත්තන් අඳුරේදී නිපදවන ATP ප්‍රමාණයට වඩා ආලෝකය ඇති විට ATP නිපදවන බවත් සොයා ගන්නා ලදී.

 පර්යේෂකයන්, එම කුඩිත්තන්ට ආලෝකය අවශෝෂණය කර මෙම ශක්තිය ලබා ගත හැකි දැයි සෙවීමට තැඹිලි පැහැ කුඩිත්තන්ව කුඩු කර ඔවුන්ගේ කැරොටිනොයිඩ පිරිසිදු කරවා තවදුරටත් පර්යේෂණ කරන ලදී. සාර්ථක ප්‍රතිචාර ලැබුණි.

 මේ සියල්ලෙන් පෙනී යන්නේ, සංස්ලේෂණය කළ වර්ණකයන්, කෘතිම ඉලෙක්ට්‍රෝන මාරු කිරීමේ පද්ධතියක් සඳහා දායක වන බවත් , එම කුඩිත්තන්ට සූර්යාලෝකයෙන් ශක්තිය උපදවා ගත හැකි බවත්ය.

එම කුඩිත්ට සැබෑ ප්‍රභාසංස්ලේෂණයට සමාන හැකියාවන් ඇති බව අපට සහතික වීමට තව දුරටත් පරික්ෂණ සිදු කිරීමට අවශ්‍ය වනු ඇත.

අහිතකර පාරිසරික කාලවලදී, එම හැකියාව උපස්ථරයක් ලෙස භාවිතා කර ආහාර නිපදවීමට හැකි වනු ඇත.  තවද අනාගතයේ ප්‍රභාසංස්ලේෂණ හැකියාව සහිත ජාන වෙනස් කල ජීවීන් නිපදවීමටද මෙම සොයා ගැනීම් ඉවහල් වනු ඇත.

source Wired.co.uk & wikipedia
සටහන කවීශ පෙරේරා

Comments