ආහාර මාර්ග පිළිකා ගැන දැනුවත් වෙමු

Image result for most lethal cancer
Image result for esophagus
ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා මුල් අවධියේදී හදුනා ගතහොත් බොහෝ දුරට සම්පුර්ණයෙන් සුව කල හැකි පිළිකාවන් ලෙසයි සැලකෙන්නේ. කෙසේ වෙතත් බොහෝ පිලිකාවන් මෙන්ම ආහාර මාර්ගයේ පිලිකාවන්ද හදුනා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ පිලිකාව ස්ථාපනය වී වසර කිහිපයක් ගතවීමෙන් පසුවයි. ආහාර මාර්ගය ආශ්‍රිත දැඩි වේදනාවක් ආහාර අරුචිය මල පහ සමග රුධිරය පිටවීම පොදුවේ ආහාර මාර්ග පිලිකාවක ලක්ෂණ විය හැකියි. කෙසේ වෙතත් බොහොමයක් රෝග වලදී මේ රෝග ලක්ෂණ ඇතිවන නිසා ඒවා තිබීමෙන්ම ඔබට පිලිකාවක් ඇතැයි නිමානය කරන්න බෑ. එවැනි අවස්ථාවකදී වෛද්‍ය නියමය පරිදි අදාල ස්ථානයේ පටක පරීක්ෂාවක් සිදු කිරිම මගින් රෝග තත්වය අනුමාන කිරීම සිදු කල යුතු වෙනවා.

ආහාර මාර්ගය ආශ්‍රිත ඇතැම් පිලිකාවන් ඉතාම දරුණු ගනයේ ඒවා ලෙස සැලකෙනවා. උදාහරණයක් ලෙස අග්න්‍යාශයික පිලිකා තත්වයකදී පිලිකාව හදුනා ගැනීමෙන් පසු වසර 5ක් දක්වා ජීවත් වන්නේ 7% වැනි පිරිසක් පමණයි. අක්මාව හා පිත්තාශය ආශ්‍රිත පිලිකා වලදී 17%ද අන්නස්‍රෝතයික පිලිකාවකදී 18%ද ආමාශයික පිලිකාවකදී 29%ද වසර 5කට වඩා වැඩි කාලයක් ජීවත් වීමේ වරම හිමි කරගන්නවා.

පොදුවේ ආහාර මාර්ගයික පිළිකා වල ලක්ෂණ පහත පරිදි සලකන්න පුළුවන් මේවා ස්ථානය මත වෙනස් වන නමුත් පොදු ලක්ෂණ කීපයක් පමණක් සලකා බලමු.

  1. කුඩා ආහාරයක් ගැනීමෙන් පසුව පවා ආමාශය පිරී ඇති බව දැනීම
  2. පපුව පිච්චෙන්නාක් මෙන් දැනීම
  3. බඩේ කැක්කුම
  4. මල වල වයනය සහ වර්ණය වෙනස් වීම සහ රුධිරය අන්තර්ගත වීම
  5. වමනය හා පාචනය
  6. සම සහ ඇස් කහ පැහැ වීම
Image result for Jaundice
ක්‍රමවත් ආහාර රටාවක් පවත්වා ගැනීම මගින් විශේෂයෙන්ම අන්නසෝතයේ හා ආමාශයේ පිළිකා තත්ව වලක්වා ගත හැකියි.. විශේෂයෙන්ම අම්ල පිත්ත රෝගය පවතින අයගේ ශ්ලේෂ්මල පටල හානිවීම නිසා දිගින් දිගටම ආහාර මාර්ග අපිච්චදය අම්ල වලට නිරාවරණය වීම මගින් ඇතිවන විකෘති පිලිකා කාරක ලෙස හැසිරීමක් පෙන්විය හැක. ඔබට අම්ල පිත්ත රෝගය තිබෙනවානම් එය ක්‍රමවත්ව පාලනය ඉතාම වැදගත්. ඒ වගේම කෙදි සහිත ආහාර ලබා ගැනීම හොද පෝෂණයක් ලබා ගැනීම සහ දුම්පානය නොකිරීමත් මත් පැන් පානය ක්‍රමවත්ව පමණක් සිදු කිරීමත් ප්‍රමාණවත් තරම් ජල පානයත් බොහෝ රෝග වලක්වා ගැනීමට වැදගත් වේ.

Prevention is Better than cure - රෝග වලක්වා ගැනීම ප්‍රථිකාර කිරීමට වඩා වැදගත්වේ.

ඊලග ලිපිය ආමාශයික පිලිකා සම්බන්ධයෙනි.

Comments