කාන්තාවන් අනිවාර්‍යයෙන් දැනුවත්ව සිටිය යුතු පියයුරු පිළිකාව


Image result for mammogram




වයස 40ට වැඩි කාන්තාවන් අතර වඩාත් බහුල පිළිකා රෝගයක් තමයි පියයුරු පිලිකාව කියන්නේ. මෙම තත්වය පහසුවෙන් හදුනා ගත හැකි වගේම මාරාන්තික බව සාපේක්ෂව ටිකක් අඩු පිලිකා තත්වයක්. විශේෂයෙන්ම කියන්න ඕනේ වයස 35ට වැඩි කාන්තාවන් අනිවාර්‍යයෙන් ස්වයං පියයුරු පරීක්ෂාව මාසිකව සහ මැමෝග්රෑම් පරීක්ෂණ/ අතිධ්වනි පරීක්ෂණ සහ වෛද්‍යවරයෙකු මගින් පියයුරු අර්ධ වාර්ෂිකවවත් පරීක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. පෞද්ගලිකව රෝග මූලික අවධියේ හදුනා ගැනීම පිලිබදව මම කල පරීක්ෂණ අනුව ලද අත්දැකීම් අනුවනම් මම යෝජනා කරන්නේ අඩුම තරමේ අර්ධ වාර්ෂිකවවත් පුර්ණ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වීම මේ කාලයේ ඉතාම වැදගත් කරුණක්. එසේ සහභාගී වීම නිසා ජීවිත බේරුණු වාර ගණන අනන්තයි. සාමාන්‍යයෙන් පෞද්ගලික රෝහලක පුර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සදහා රුපියල් 7000ක පමණ මුදලක් වැය වෙනවා නමුත් ඒ 7000 ඉතිරි කර ගන්න ගිහින් අන්තිම මොහොතේ ලෙඩ අදුර ගන්න ගියොත් මිලියන ගාණක් වියදම් කරලාවත් ජීවත් වෙන්න බැරි වෙන අවස්ථා තියෙනවා. මධ්‍යම පාන්තිකයන ඇසුරින් 2017 වසරේදී මම කල සමීක්ෂණයකදී හෙලි උනා මධ්‍යම පාන්තිකයන් 1%වත් වාර්ෂික වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වෙන්නේ නෑ කියලා. මේක ලොකු ගැටළුවක්. හරි ඒ ගැන පස්සේ කථා කරමුකෝ. අපි ආපහු පියයුරු පිළිකා ගැන කථා කරමු.

Image result for mammogram

පියයුරු පිලිකා ගැහැණූ පිරිමි හෝ වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන්. පිලිගැනීමක් තියෙනවා අවිවාහක (ලිංගිකව ක්‍රියාශීලී නැති) කාන්තාවන් අතර මේ තත්වය බහුලයි කියලා. කොහොම උනත් මේ රෝගයෙන් පෙලෙන අයගෙන් 7%ම වයස 40ට අඩු තරුණ කාන්තාවන්. නමුත් බහුතරයක්ම මේ  තත්වය දකින්න ලැබෙන්නේ වයස 40ට වැඩි කාන්තාවන්ගේ ඒ නිසා ඉතාම වැදගත් ඔබේ මව වයස 40ට වැඩි නම් වාර්ෂිකවවත් බහුල පිළිකා තත්වයන් සදහා සිදු කරන පරීක්ෂණ සිදු කරගන්න. මූලික අවධියේදී හදුනා ගැනීම මගින් පියයුරු පිලිකාව 100%ක්ම සුව කල හැකි බව පැවසෙනවා.

Image result for breast cancer survival rate

මේ සටහනේ දැක්වෙන්නේ පිලිකාව හදුනා ගැනීමේදී පිලිකාවේ තත්වය මත වසර 5කට වැඩි කාලයක් ජීවත් වන රෝගීන්ගේ ප්‍රතිශතය. පියයුරු පිලිකාව මෙහිදී අදියර 4ක් යටතේ අධ්‍යනය කරලා තියෙනවා. 0 වන අදියරදී එනම් ආරම්භක අවධියේ හදුනා ගත්තොත් 100%කට ආසන්න ප්‍රමාණයකුත් 1වන අදියරදී 98% ප්‍රමාණයකුත් 2වන අදියරේදී හදුනා ගත්තොත් 93% වැනි ඉහල ප්‍රමාණයක් වසර 5කට වැඩි කාලයක් ජීවත් කරවීමට හැකි වන පරිදි සුව කිරීම කල හැකි බව පැවසෙනවා. මෙහිදී මෙම ප්‍රතිශත දැක්වෙන්නේ හදුනා ගන්නා අවස්ථාව නොඑසේනම් ප්‍රථිකාරය පටන් ගන්නා අවස්ථාවේ රෝගියාගේ පිලිකාව පවතින මට්ටම මත ජීවත් වීමට ඇති හැකියාව පිලිබදවයි. ්වසාන අදියරේදී වුවත් හදුනාගත්තොත් 22%ක ප්‍රතිශතයකට ජීවන වරම හිමි වෙනවා. සාමාන්‍යයෙන් අනෙකුත් පිලිකා තත්ව වලදී නම් 4 වන අවදියේදී කල හැක්කක් නැති තරම්.

පියයුරු පිලිකාවක ලක්ෂණ මොනවාද?

  1. පියයුරු සහ පපුවේ වේදනාව
  2. පියයුරු අවට කැසීම සහ දැවිල්ල
  3. පිට උරස සහ බෙල්ලේ වේදනාව 
  4. පියයුරේ හැඩය වර්ණය සහ ප්‍රමාණය වෙනස් වීම
  5. තන පුඩුව අවට සංවේදී බව හෝ පුඩුවේ ස්වභාවය වෙනස් වීම
  6. පියයුර රත් පැහැ ගැන්වීම
  7. පියයුරේ ගැටිත් ස්වභාවයක් පැවතීම
  8. සම වියලී දොඩම් ලෙල්ලක් වැනි තත්වයකට පත්වීම
මෙවැනි ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රථිකාර පැතීමෙන් රෝගය සුව කර ගත හැක.


Comments