Results එනකන් මොකද කරන්නේ? 1 කොටස

Image result for what to do
මේ ප්‍රශ්නෙට පිලිතුර රදා පවතින්නේ ඔයාට මේ පාර විභාගේ කොච්චර ශුවර්ද කියන එක මතයි. ඔයා හොදටම විභාගේ ශුවර් කෙනෙක්නම් කරන්න ඕනෙ දේ ගැන මම දෙවනියට කථා කරන්නම්. කෙල උන අය දැන් මොකද කරන්න ඕනේ. 1,2 අවස්ථා වල අයට නම් ආපහු විභාගෙ කරන්න පුළුවන් හැබැයි ඉතින් තමන්ගේ වයස යනවා කියලා හිතෙනවානම් සල්ලි තියෙනවානම් හොදම වැඩේ ප්‍රයිවට් විශ්වවිද්‍යාලයකට හරි ඇතුල් වෙන එක තමයි. මොකද 3 වෙනි පාර කරලා රජයේ විශ්ව විද්‍යාලයකට ගියත් ස්ට්‍රයික් කරලා සයිටම් වගේ කේස් දෙකක් විතර අහු උනාම සෑහෙන කාලෙකට එලියට එන්න හම්බෙන්නේ නෑ. එහෙම ඉතින් නාකි වෙලා එලියට එද්දි එන්නෙ හොදටම එපා වෙලා පශ්චාත් උපාධි තියා එලියට එද්දි මොකක් හරි ජොබක් හොයා ගන්න බලාගෙන එන්නේ අධ්‍යාපනේ එතනින්ම ඉවරයි. කාගෙන ඉන්න පුළුවන් එකෙක්ට නම් අවුලක් නෑ ඉතින්.
3 වෙනි පාරත් කරලා කෙල උන කෙනෙකේට නම් ඉතින් මම හිතන විදිහට තියෙන හොදම විසදුම් ටික පල්ලෙහා තියෙන ඒවා මම පස්සේ ඒ එකින් එක විස්තර කරන්නම් ඔයාලා ඉල්ලන විදිහට.

  1. වෛද්‍ය සභාවේ විභාගය සමත් වෙලා ඖෂධවේදියෙක් වෙන එක
  2. ආයුර්වේද ඩිප්ලෝමා වෛද්‍යවරයෙක් වීම
  3. ආයුර්වේද ක්ෂේත්‍රයේ වෙනත් පාඨමාලා හැදෑරීම උදා - පෝෂණවේදය, චීන වෛද්‍ය ක්‍රම
  4. උපාධියක් සදහා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළු වීම (ෆේල් අයටත් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා)
  5. විද්‍යා පීඨ සදහා ඇතුළු වීම
  6. තාක්ෂණික විශයයන් හැදෑරීම සදහා තාක්ෂණික පීඨ වලට ඇතුළු වීම - තත්ව සුපරික්ෂක, සිවිල් ඉන්ජිනේරු, ප්‍රමාණ සමීක්ෂක ඔය වගේ පැති වලට යන්න පුළුවන් පස්සේ විස්තර කරන්නම්.
  7. NVQ පාඨමාලාවන් හදාරමින් රැකියාවක් කරන ගමන්ම උපාධියක් දක්වා අධ්‍යාපනය ලැබීම
ඔය ටිකක් විතරයි තව ගොඩක් තියනවා දැනගන්න ඕනෙ අය කොමෙන්ටුවක් දාගෙන යන්න. පේනවානේ යන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා අපි නොදන්න එක විතරයි අවුල තියෙන්නේ. සමහර ඒවාට උ/පෙල අවශ්‍යම නෑ. සමහර ඒවාට සමත් වීම විතරක් අවශ්‍ය වෙනවා. ඇත්තටම අපිට කෙල වෙලා නෑ. හැම දෙයක්ම වෙනනේ හොදට කියලා හිතන්න සමහර විට අපි නොහිතපු පැත්තකට ගිහින් වෛද්‍ය පීඨයට ගිහින් ඉගෙන ගත්තාට වඩා ලොකු තැනකට එන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. කොහොම උනත් ජොබ් හොයන්න දගලන්න එපා සල්ලි ප්‍රශ්න තියෙනවානම් හොදම දේ වෘත්තීය සුදුසුකම් හදා ගන්න ගමන්ම රැකියාව කරන්න ඔය උඩ කියපු ගොඩක් ඒවා සෙනසුරාදා සහ ඉරිදා දවස් වල පවත්වන පාඨමාලා. උ/පෙල සුදුසුකමින් රැකියාවකට ගියොත් මැරෙනකන් වැඩ කරන්න විතරයි වෙන්නේ කිසිම උසස් වීමක් ගන්න වෙන්නේ නෑ. ටම් දවස් වල කොම්පැනි ලමයිව රවට්ටලා හීන පෙන්නලා ජොබි වලට ගන්නේ ඒකයි...

ඊලග ලිපිය අපි ගොඩ ගිය අයට කරන්න පුළුවන් මොනවද කියලා කථා කරමු.
දාන ලිපි ඉක්මනින් ලබා ගන්න Subscribe  කරන්න

Comments