මොකක්ද මේ විදුලි පුටුව

පසුගිය ජනාධිපතිවරන සමයේ බෙහෙවින් කථාවට ලක්වු දෙයක් තමයි මේ විදුලි පුටුව කියන්නේ.  ඉතින් අපි අද කථා කරන්නට යන්නේ මේ සුප්‍රසිද්ධ විදුලි පුටුව ගැනයි.  විදුලි පුටුව ක්‍රියාත්මකවන්නේ අ'මරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ථ වල පමණයි කොහොම උනත් 2013 වසරින් පසුව මේ දක්වා විදුලි පුටුව ආධාරයෙන් මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙලා නෑ.  විදුලි පුටුව නිර්මාණයට අනුග්‍රහය දක්වලා තියෙන්නේ ඉතාමත් සුවිශේෂී පුද්ගලයෙක්.  ඒ තමයි විදුලි බල්බය ලොවට හදුන්වාදුන් පේටන්ට් බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් හිමි තෝමස් අල්වා එඩිසන්.  මෙම විදුලි පුටුව නිර්මාණය කරන ලද්දේ හැරල්ඩ් බ්‍රව්න් නම් දන්ත වෛද්‍යවරයෙක්, ඔහු ඔහුගේ වෛද්‍ය කටයුතු සදහා භාවිතා කල පුටුවේ ආකෘතිය තමයි පසු කලෙක ඔහු විදුලි පුටුව බවට පත් කරන්නේ.  විදුලි පුටුව නිර්මාණය වන්නේ 1889දී. 

විදුලි පුටුව නිර්මාණය කිරීමේ සැබෑම අරමුණවුයේ අපරාධකරුවන් මරණයට පත්කිරීමම නොවේ.  එකල විශාල විවාදයක් පැවතියා විදුලිය සැපයීමේදී  වඩාත් උචිත එඩිසන්ගේ සරල ධාරාවද නැත්නම් වෙස්ට්න්හවුස්ගේ ප්‍රත්‍යාවර්ත ධාරා සැපයුමද කියලා. ඉතින් එඩිසන්ට ඕනෙ වුනා ප්‍රත්‍යාවර්ථ ධාරාව භයාණක මරණීය  ආකාරයක් කියල මිනිසුන්ට ඒත්තුගන්වන්න.  ඉතින් එහි ප්‍රථිඵලයක් ලෙස තමයි විදුලි පුටුව නිර්මාණය වෙන්නේ.

විදුලි පුටවෙන් කෙනෙකු මරණයට පත් කිරීමට ප්‍රථමයෙන් එම පුද්ගලයාව බන්ධනාගාරයේ කරණවෑමියා වෙත ගෙනගොස් හිස මුඩු කර සම මත ඇති රෝම ඉවත් කරනවා.  විදුලිය ලබාදුන් පසු කෙස් සහ රෝම පිලිස්සෙන නිසා තමයි එහෙම සිදුකරන්නෙ.  කොහොම උනත් මේ දේවල් සිදු කරද්දි අපරාධකාරයා හොද සිහියකින්නම් නෙවෙයි ඉන්නෙ මරණයට පත් කරනන්නට ආසන්න කාලය වන කොට මරණ බිය නිසාම අපරාධකාරයො බොහොමයක් මානසික රෝගීන් බවට පත්වන බව තමයි ඒ මරණ දඩුවම ලබා දෙන බන්ධණාගාර වල නිලධාරීන්නම් කියන්නේ.  ඉතින් රෝම ඉවත් කරපු සිරකාරයා මරණ දඩුවම ලබා දෙන දවසෙ කැමති ආහාර වේලක් ලබා දීලා අවශ්‍යනම් නා ගන්න අවස්ථාවක් දීලා තමන්ගේ ආගමික කටයුතු සිදුකරල ඉවර කරලා විදුලි පුටුව තිබෙන ස්ථානයට ගෙන එනවා. ඊට පස්සෙ විදුලි පුටුවට තබා හොදින් සෙලවිය නොහැකි විදිහට ගැටගසනු ලබනවා.  හිස මුදුනෙ තෙත ස්පොන්ජ් කැබැල්ලක් තියලා තමයි තොප්පියක් හැඩ ලෝහ ඉලෙක්ට්‍රෝඩයකින් හිස ආවරණය කරන්නේ.  හිස මත තෙත ස්පොන්ජ් කැබැල්ලක් තියන්නේ විදුලිය හිස හරහා හොදින් ගමන් කරවන්න.  ඊට පස්සේ කකුල් දෙකටත් ලෝහ ඉලෙක්ට්‍රෝඩ දෙකක් සම්බන්ද කරල අපරාධකාරයාගේ ශරීරය හරහා සංවෘත පරිපථයක් නිර්මාණය කරගන්නවා.

ඉන් පසු අපරාධකරුවාට තමන්ගේ අවසාන වචන කිහිපය දක්වන්න අවස්ථාවක් ලැබෙනවා. බොහෝ විට මේ අවස්ථාවේ අපරාධකරුවෝ හඩා වැටෙනවා.  විදුලි පුටුව ආසන්නයේම දුරකථනයක් සවි කර තියෙනවා. එහි සිටින බලධරයා දඩුවම ක්‍රියාත්මක කිරීමට පෙර අදාල බලධාරීන් වෙත කථා කර දඩුවම නවතා නොමැති බව ස්ථීර කරගන්නවා.  ඉන්පසු දඩුවම ලබා දීමට අදාල සංඥාව ලබා දෙනවා.

මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්නේ අවස්ථා 2කදී ලබා දෙන විදුලි සැපයුම් 2කින්.  පලමු අවස්ථාවේ වෝල්ට් 2000ක ඇම්විපියර් 12ක විදුලි  සැපයුමක් තත්පර 15ක කාලයක් ලබා දෙනවා හදවත නතර කිරීම සදහා.  ඉන්පසු ඇම්පියර් 8ක වෝල්ට් 2200ක විදුලි සැපයුමක් ලබා දෙනවා. මේ අවස්ථාවදෛ්හ උෂ්නත්වය සෙල්ෂියස් අංශක 60ක් පමණ දක්වා ඉහල යනවා.  හිතාගන්න පුළුවන්ද වේදනාව?  ඉන් පසු බන්ධනාගාර වෛද්‍යවරයා විසින් මරණය තහවුරු කිරීම සිදුවෙනවා. බැරිවෙලාවත් අවස්ථා 2න් පසුව මරණය සිදු නොවුනොත් අපරාධකාරයා නිදහස් කිරීම තමයි සම්ප්‍රදාය.  මෙම මිය ගිය පුද්ගලයාගේ සිරුර පිරිසිදු කිරීම තමයි මෙහි තියන හිරිකිතම වැඩේ.  මස් පිලිස්සුනු හම දියවුණු මිනියක් තමයි පිරිසිදු කරන්නාට ලැබෙන්නේ.




Comments