ක්රිකට් වලට ප්‍රිය කරන කවුරුත් හදුනන ලංකාවෙන් බිහිවු ප්‍රවීණ ක්‍රීඩක සතාසිවම් මහතාගේ බිරය ඝාතනය වීම එවකට ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් විය. නමුත් එම මිනීමැරුම ආන්දෝලනයක් ඇති කලේ ක්‍රිකට් තුල පමණක් නොවේ. වෝහවාරික වෛද්‍ය ක්ෂේත්‍රයේද මහත් කා බහකට ලක්වු එම සිදුවීම ඇසුරින් ගොඩනැගුණු අනුවාදයක් මෙසේ ඔබ වෙනුවෙන් ලිවීමට අදහස් කරමි.
.
.
ශ්‍රී ලංකාවට ටෙස්‌ට් ක්‍රිකට් තත්ත්වය ලැබීමට බොහෝ කලකට පෙර 1940 දශකය අවසානයේදී ඔස්ට්‍රේලියාව බලා යන මෙන්ම එහි සිට පැමිණි ලංකාව හරහා ගමන්ගත් එංගලන්ත, ඔස්‌ටේ්ර ලියා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම් සමග ජිත්‍යන්තර ක්‍රිකට් තරග මෙහිදී පැවැත්විණි. සියලුම රටවල් ක්‍රිකට් අතින් පරදවා සිටි ඔස්‌ටේ්රරලියානු ක්රිකට් කණ්‌ඩායම කාගේත් කතා බහට ලක්‌ව ඉතා ජනප්‍රියව සිටි සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ නායකත්වය යටතේ ලංකාවට පැමිණි අතර ලංකාවේ කණ්‌ඩායම් නායකත්වය දැරුවේ සතාසිවම්ය. ඔහු ඉතාම දක්ෂත පිතිකරුවකු ලෙස මුළු ලෝකයම පිළිගෙන තිබිණි. සර් ඩොනල්ඩ් පවා එය පිළිගෙන තිබිණි. (ජේදය උපුටා ගැනීමකි)
.
.
1951 වසරේ ඔක්තෝබර් මස 5 වන දින ලංකාවේ සුප්‍රකට ක්‍රිකට් සතාසිවම් මහතාගේ බිරිය ඝාතනයට ලක්වූ අතර ඊට අදාල නඩුවේ පෙල ගැසුනු සාක්ෂි අනුව නඩුවේ ප්‍රධාන සැකකරු බවට පත්වුයේ සතාසිවම් මහතායි. ඔහුට එරෙහිව ගොඩනැගුණු ප්‍රබලම සාක්ෂියවූයේ නඩුවේ දෙවනි සැකකරුවූ නිවසේ මෙහෙකරු ලෙස කටයුතු කල විලියම් නම් අයගේ ඇසින් දුටු සාක්ෂියයි. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, මහාචාර්‍ය වෛද්‍ය සේරම් මෙන්ම ලෝක පූජිතමහාචාර්‍ය වෛද්‍ය සර් සිඩ්නි ස්මිත් පවා සම්බන්ධවූ ලෝක වෝහවාරික වෛද්‍යයේ නොමැකෙන සන්ධිස්ථානයක් සටහන් කල මෙම නඩුව අවසානයේ කෙසේ වෙනස් වේද? එය දැනට ප්‍රශ්නාර්ථයක් ලෙසම තබමි.
.
.
1940 වසරේදී සර් පොන්නම්බලම් රාමනාදන් මහතාගේ මිනිබිරියවූ ආනන්දන් රාජේන්ද්රවන් සමග විවාහ දිවියට එලැඹි සතාසිවම් මහතාගේ විවාහ ජීවිතය දෙදරා ගියේ විවාහයෙන් වසර දහයක් එලැඹීමටත් පෙරයි. . විවාහයෙන් වසරක් ගතවීමටදු මත්තෙන් බීමට වැටෙන සතාසිවම් මහතාගේ තවත් සම්බන්ධයක් පැවති බැව්ද සදහන් වේ. කෙසේවෙතත් විවාහ දිවියේ ගැටළු ඇතිවත්ම සිය බිරිය හා දරුවන් 4 දෙනා හැර දමා එන්ගලන්තයේ පදිංචියට යන සතාසිවම් මහතා නැවත 1951 වසරේ සැප්තැම්බර් මාසයේ සිය රටට පැමිනෙන්නේ තම බිරියගෙන් දික්කසාදයක් ලබා ගැනීම සදහායි. දික්කසාදයක් අපේක්ෂාවෙන් සිටියද සිය ස්වාමියාව පිලිගන්නා සතාසිවම් මහත්මියගේ ආරාධනයෙන් නඩුව අවසන් වන තුරු තම දරුවන් හා බිරිය සමග බිරියගේ නිවසේ නවාතැන් ගැනීමට සතාසිවම් මහතාට අවස්ථාව ලැබෙනවා.
.
.
කොලඹ අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි ඔවුන්ගේ නිවසේ දරුවන් බලා ගැනීමට කාන්තාවක් සහ ඉවීම් කටයුතු සදහා කෝකියෙකුද රැදී සිටිනවා. ආයා දීර්ඝ කාලයක් මුළුල්ලේ සතාසිවම් පවුලට ලෙන්ගතුව කටයුතු කල වැඩිමහළු අයෙක්වූ අතර විලියම් (ඊ.එම් සන්දෝරිස්) නම්වූ කෝකියා ඉන් සතියකට පමණ පෙර සතාසිවම් මහත්මිය විසින් සේවයට ගන්නා ලද දහඅට වියැති හින්දෑරි තරුණ ගැටයෙකි කෙසේ නමුත් විලියම් හා සතාසිවම් පවුල වසර ගණනාවක් මුළුල්ලේ හදුනා දැන සිටි අයයි. සතාසිවම් නිවසේ කෝකියා වීමට පෙර හොර අරක්කු ජාවාරමේ නිරතවූ විලියම්ගෙන් එංගලන්තයට යෑමට පෙර සතාසිවම් මහතා අරක්කු මිලදී ගැනීමට පුරුදුව සිටි අතර කල් ගතවත්ම සතාසිවම් මහතා සහ විලියම් අතර සමීප මිත්‍රත්වයක් ගොඩනැගුණි.
.
.
ඒ 1951 වසරේ ඔක්තෝබර් මාසයේ 9 වන දිනයි. දැඩි උෂ්නත්වයක් පැවති එදින සතාසිවම් මහත්මිය සිටියේ දැඩි සිත් තැවුලකිනි. තමා තවදු ආදරය කරන නමුත් තමාව එපාවූ තම සැමියා පෙරදින රාත්‍රියේදී ඔහුගේ මිත්‍රයෙකුගේ නිවසේ පැවති සාදයකදී දික්කසාද ලියවිලි ලබාදීම ඇගේ සෝතැවුලට හේතුවිය. ඔහුගේ අසාමාන්‍ය හැසිරීම නිසා ඔහුව එලවා දමා ඔහුගෙන් දික්කසාද වීමට සිදුවුවද ඔහු තවදු තමාගෙන් දික්කසාද වීමට අකමැති තමාට ඇති ආදරය නිසාද නොඑසේනම් ඔහුගේ ගෞරවය බේරා ගැනීමටදැයි තවමත් ඇයට සිතා ගත නොහැකි විය. නමුත් දැන් සියල්ල සිදුවී හමාරය තමාද ඔහුද තීරණයකට එලැඹ හමාරය. කෙසේවෙතත් තම ළමයින් බලා ගන්නා ගැහැණිය උදෑසන පැමින තම සිත සුවපත් කිරීමට ගත් උත්සහය ගැන සිතමින් ඈ කල්පනා කලේ මෙහෙකාරියක වුවත් ඇගේ මිතුරින්ටදු නැති කැක්කුමක් තිබුණු තම ආයා තමාට කෙතරම් ලෙන්ගතුද යන්න පිලිබදව විය යුතුය. ආයා සමග උදෑසන දරුවන් හතරදෙනා පාසල් යැවීමෙන් අනතුරුව සතාසිවම් මහත්මිය පෙ.ව 8ට පමණ කුස්සියට පැමිනෙන්නේ ඈ බෙහෙවින් ප්‍රියකල ඉදි ආප්ප ආහාරයට ගැනීමටයි. ඒ ඇගේ අවසාන ආහාර වේල වග ඇය මොහොතකටවත් නොසිතන්නට ඇති. සිත් තැවුල් පසෙකලා කිරිහොදි සහ සම්බල සමග ඉදිආප්ප කිහිපයකින් සප්පායම් වන ඈ සුපුරුදු පරිදි පුවත් පත බලන්නට තම කාමරයට යන්නේ එතෙක් නින්දේ පසුවූ තම ස්වාමියාද අවදි කරමිනි.
.
.
සතාසිවම් මහතාගේ ඉල්ලීමකට අනුව සතාසිවම් මහත්මිය තම නිවස අසල පිහිටි ටැක්සි සමාගමට ඇමතුමක් ලබා දී ටැක්සියක් ගෙන්වා ගන්නේ පෙ.ව 10.35ට පමණ සතාසිවම් මහතා තම මිතුරෙකුගේ නිවස වෙත පිටවනවා.
හවස 3ට පමණ ආයා දරුවන් සමග නිවසට පැමිනෙද්දී ඇයට දැනෙන්නේ මහා පාළුවකි. වෙනදා මේ වෙලාවේ ආහාර පිසෙන සුවද අද නොමැති සෙයකි. කුස්සියෙන්ද මැතිනියගේ කාමරයෙන්ද කිසිදු ශබ්දයක් නොනැගේ. නෝනා.... නෝනා.... අම්මා..... කිසිදු ප්රදතිචාරයක් නොඇසේ. භාගයක්විට මැතිණිය සතාසිවම් මහත්තයත් එක්ක කොහේ නමුත් යන්නට ඇති. නමුත් මේ විදිහට දොරවල් ඇරල දාලා.... මේ විලියම් කොල්ලගෙ නම් කිසිම පිලිවලක් නෑ. නෝනට කියන්න ඕනෙ ඕකට ටිකක් අවවාද කරන්න කියලා....
.
.
ආයා කුස්සිය දෙසට ඇවිද ගියේ විලියම් පිලිබදව සොයා බැලීමටයි. ඇය දුටුවේ කුස්සියේ ඔහු නොමැති බවයි. මහත්මියට හොරෙන් ගැරේජය තුල විලියම් සුරුට්ටු උරන බව ආයාට හසුවී තිබුණු බැවින් ඈ ඊලගට ගියේ විලියම් සොයා ගැනීමට ගැරේජය තුලටයි. නමුත්.........
.
.
.
.
ඇයට දැක ගත හැකිවූයේ ගැරේජය තුල නිසලව වැටී සිටින සතාසිවම් මහත්මියයි. ඇගේ දෑස් විවරව තිබුණු අතර දිව එලියට පැන තිබුණි. දණිස් පණනැතිව සිහිසුන් වීමට ගියද උපන් දැඩි භීතියෙන් ආයා නිවස දෙසට කෑගසමින් දිව ගියේ නිවස අවට අසල්වැසියන්ද නිවස වෙත ගොනු කරමිනි. වහාම පොලිස් ස්ථානය වෙත මේ පිලිබදව දැනුම්දීමක් සිදු කෙරුණු අතර මිය ගිය කාන්තාව බලවත් පවුලක සාමාජිකාවක් වීම නිසා මෙන්ම ලංකාවට මහත් ගෞරවයක් අත්කරදුන් පුද්ගලයෙකුගේ බිරිදකදවූ නිසා සිද්දිය පිලිබදව දැඩි අවදානයක් යොමු වුණි. හවස 5 වන විට එවකට ලංකාවේ සිටි ඉහලම අධිකරණ වෛද්‍යවරයාවු සේරම් එඩින්බර්ග්ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කටයුතු ඇරඹුණි. ඒ වන විට නිවසින් අතුරුදන්ව සිටි විලියම් සහ සතාසිවම් වෙත පොලිස් සැකය එල්ලවූ අතර හවස 530ට පමණ මිත්‍රයෙකුගේ නිවසේ සිටියදී සතාසිවම් අත්අඩංගුවට ගැනුනද, විලියම් ආ ගිය අතක් නොමැති විය.
.
.
.
.
.
(මෙතැන් පටන් වෛද්යම සේරම්ගේ දෘශ්ඨිකෝණයෙන් කථාව දිගහැරේ)
.
.
එදා අධික රශ්මියක් තිබුණු දිනක් බැව් මට මතකය අධික උෂ්නත්වය නිසා හවස් වරුවේ ඇගට දැනුනු අපහසුතාවය මගහැර ගැනීමට මා නාන බදුනේ බැස සිටියදී මහත්වූ කලබලයකින් මගේ සේවකයා නානකාමරයට වැදුනේ අද දවසේ මා සැලසුම් කල විවේකී හැන්දෑව දැන් අවසන්වීමට යන බව මට දන්වමිනි. “සෑර්, සතාසිවම් මහත්තැන්ගේ නෝනව මරලා කියලා පොලීසියේ ලොකු මහත්තැන් සෑර්ව හම්බෙන්න ඕනෙ කියනවා” විවේකී සැදෑව හමාරය. මාගේ රාජකාරි ජීවිතයේ ස්වභාවය එයයි. කුමන මොහොතක කරදරයක් කඩා පාත් වේදැයි කිව නොහැක. අප්‍රසන්න මලකුණු මගේ ජීවිතයේ කොටසක් කර ගැනීමට මට සිතුනේ ඇයිදැයි විටෙක මම මාගෙන්ම ප්‍රශ්න කරගනිමි... නමුත් දැන් යා යුතුය.. මගේ ගුරුතුමා සර් සිඩ්නි පවසන අයුරින් වෝහවාරික වෛද්‍යවරයා පමා වන පැයක් අසරණයෙකු එල්ලුම්ගස් යැවීමටත් අපරාධකාරයෙකු එල්ලුම්ගසින් බැස්සවීමටත් ප්‍රමාණවත්ය. ඉක්මණින් සුදානම්ව පොලීසියෙන් මා රැගෙන යාමට එවා තිබි රථයේ නැගී මම සතාසිවම් නිවසට ගියෙමි.
.
.
මා එහි යන විට නිවසෙන් පිටතවු ගරාජයයැයි සැලකිය හැකි ප්රරදේශය වටා මිනිසුන් රැස්වී සිටියේ අදුර එලඹෙමින් තිබුණද කොහේ යන මරණයක් වුවද පිලිබදව තොරතුරු දැනගැනීමට ලංකාවේ මිනිසුන්තුල ඇති කුතුහලය කෙතෙක්දැයි මට සිහි කැදවමිනි. ගරාජය තුල දල්වා තිබූ විදුලි පහනින් මා දුටුවේ බිම දිගාවී තිබුණු සතාසිවම් මහත්මියගේ නිසල සිරුරයි. සිරුර දුටු සැටියේම මා අනුමාන කලේ මෙය ගෙල සිර කරලීමෙන් සිදු කල මරණයක් බවයි. මල සිරුරේ දිව පිටතට පැමිණ තිබූ අතර අත්කාචයෙන් සමීප කර නිරීක්ෂණයේදී දිව නිල් පැහැයට හැරී ඇති වග පෙනුනි. සිරුරේ උෂ්නත්වය ෆැරන්හයිට් 92ක්වූ අතර කාමර උෂ්නත්වය 81ක් වීමෙන් මා අනුමාන කලේ ඈ මියගොසින් පැය දහයකට වඩා අඩු කාලයක් ගතවී ඇති වගයි. නමුත් එම නිරීක්ෂණය ඒ සදහා එතරම් උචිත නැතෙන් මා සිරුරේ සන්දි පරීක්ෂා කලෙමි. සිරුර අර්ධ වශයෙන් දරදඩුවී තිබුනි. කොළඹ සිරුරු සිය ගණනක් පරීක්ෂා කර මට ඇති අත්දැකීම් අනුව මා නිගමනයකට පැමිණියේ මරණය සිදුවී පැය 8ක් පමණ ගතවීමෙන් මෙවන් දරදඩුවීමක් මේ පරිසර තත්ව යටතේ සිදුවිය හැකි වගයි. දුහුල් සාරියකින් සැරසී සිටි ඇගේ ඇදුම් තැනින් තැන ඉරී තිබුණු අතර හැට්ටය මැද්දේ ලේ පැල්ලමක්ද දැකගත හැකිවිය. ඈ අසලින් මුත්‍ර ගදක් හමා ආ අතර ඇගේ ඇදුම් ගුලි ගැසී තිබුණි. සාමාන්‍යයෙන් ගෙල සිරකර මරා දැමීමේදී මුත්‍ර පිටුවී සිදුවන දෙයකි. බොහෝ අවස්ථා වලදී මට තීරණ ගැනීමට උපකාරවී ඇති මෙම සාධකය මෙහිලා ලියා තැබීම හොදයැයි සිතමි. .
.
.
පුද්ගලයෙකු එල්ලා අභිරහස් ලෙස මිය ගිය විට බොහෝ විට එම පුද්ගලයා සියදිවි නසා ගත්තාද නොඑසේනම් මරා එල්ලුවාදැයි තීරණය කිරීමට සිදුවේ. අපරාධමය චේතනාවකින් මරා එල්ලීමේදී අපරාධකරු කෙතරම් පරීක්ෂණ නොමග ඇරීමට උත්සහ ගත්තද එය නොවැදගත් සිදුවීමක් වන්නේ අධිකරණ වෛද්‍යවරයා ඉතා පහසුවෙන් එය නිගමනය කල හැකිවීම නිසාය. එල්ලා මැරීමේදී මරණය සිදුවිය හැකි ආකාර දෙකකි. පලමුවැන්නනම් ශීර්ෂ පෝෂී ධමණියේ ශාඛා දෙකෙන් එකක් බිදී මොළයට රුධිරය සැපයීම අඩාල වීමෙන් සිදුවන මරණයයි. ධමනිය බිදී තත්පර 30ක් ඇතුලත මොලයේ බොහෝ කොටස් මිය යන අතර පුද්ගලයාගේ මරණයද ඒ අවස්ථාවේදීම සිදුවේ. මෙය ඉතා ඉක්මනින් සිදුවන වේදනා විරහිත ක්‍රියාවලියකි. කායඡ්චේදනයකදී වෛද්‍යවරයා පහසුවෙන් මෙය හදුනා ගනී. මරණය සිදුවිය හැකි අනෙත් ක්‍රමයනම් ඉතා බියකරු හුස්ම සිරුවීමයි. හුස්ම සිරවීමකින් පුද්ගලයා මරණයට පත්වේනම් එය ඉතා වේදනාකාරී විනාඩි කිහිපයක මරණයක් විය හැක. බොහෝ විට ස්වරාලය, ශ්වාසනාලය බිදී යෑමද මෙහිදී සිදුවේ. ඇස් වල දිවේ නිල් පැහැවීම් දිව එලියට පැණීම් මෙන්ම මල සිරුරේ බෙල්ල කඩා වැටීමද හුස්ම හිරවීමෙන් මරණයට පත්වීමේ ලකුණුය. එමෙන්ම මුත්‍ර පිටවීම ශුක්‍ර ස්වල්පයක් පිටවීම සිරුරේ දැගලීමට උත්සහ දැරීම නිසා සිදුවුණු සීරීම්ද බොහෝවිට මෙහිදී දැකගත හැක.
.
.
ඇතැම් අවස්ථාවන්හිදී පහරදීමකින් මිය ගිය පුද්ගලයන් පොලීසිය නොමග හැරීමට එල්ලා තබනු මා දැක ඇත්තෙමි. ඒවා බොහොම පහසුවෙන් හදුනාගත හැකිවේ. විශේෂයෙන් මරා එල්ලු විට ගෙල ඉදිමීමේ ස්වභාවය ඉතා අඩු අතර ඉහත ලක්ෂණද සැලකූ විට අනිවාර්යපයෙන් සැකය තහවුරු වීම සිදුවේ. සතාසිවම් මහත්මියගේ ගෙල පරීක්ෂා කිරීමේදී මට පෙනී ගියේ ඈ මිය ය මොහොතේ සිහියෙන් සිටියානම් විශාල වේදනාවකට පත්වන්නට ඇති වගය. ඇගේ සිරුර පසුව කපා බැලීමේදී ඇගේ ගෙල පෙදෙස සම්පුර්ණයෙන්ම බිදී ස්වරාලයේ කාටිලේජ පවා දෙපසින්ම බිදී තිබෙනු මට දක්නට ලැබුණි. ගෙල කැඩූ පුද්ගලයාට මෙන්ම යමෙක් ලග සිටියානම් අනිවාර්යෙයෙන් ගෙල බිදෙන හඩ ඔවුනට ඇසෙන්නට ඇත.
.
.
සතාසිවම් මහත්මියගේ සිරුර ඇගේ වම් කම්බුල පොලවේ ගෑවෙන පරිද්දෙන් ඈ බිම වැතිරී සිටියාය. මිය යෑමෙන් අනතුරුව වුවද ඈ තුලවූ සුන්දරත්වය තවදු ඉතිරිව ඇතැයි මට සිතුනි. ගුරුත්වාකර්ෂණයේ බලපෑම නිසා මුහුනේ වම් පැත්තට රුධිරය බැසීමෙන් රතු පැල්ලම මතුවී තිබුණි. එමෙන්ම ඇගේ කණ අසල සිදුවූ තුවාලයකින් ගලාගිය රුධිරය ඇගේ කර දක්වාම ගමන් කර තිබුණු වගක් පෙනිනි. මෙය ඉතාම වැදගත් නිරීක්ෂණයකි. ඒ අනුව මම නිගමනය කලේ ඇය මියයෑමට පෙර බොහෝ විට පොර බදන්නට ඇති බවත් ඇගේ මරණය ක්ෂණිකව ඇයට නොදැනී සිදුවූවක් නොවන වගත්ය. සාමාන්ය යෙන් මරණයකට පසුව වුවද මිනී මැරුමකදී බොහෝ තුවාල, සීරීම් ඇතිවේ. ඒවා මරණ පරීක්ෂණයකදී ඉතාමත් වැදගත් රහස් ගණනාවක් හෙලි කරන අතර බොහෝවිට ඇසට පෙනෙන සාක්ෂි සගවන අපරාධකරුවන්ගේ නොදැනුවත්භාවය නිසා විශේෂඥයන්ට හසුවන බොහෝ සාක්ෂි ඉතිරිවේ. මා පෞද්ගලිකව විශ්වාස කල පරිදි බොහෝ අත්දැකීම් සහිත අධිකරණ වෛද්‍යවරයෙකුට හැර අන් අයෙකුට කිසිදු සාක්ෂියක් නොතබා අපරාධයක් කිරීම හුදු සිහිනයක් පමණකි.
.
.
මෙම තුවාලයේ ස්වභාවය හා ලේ ගලා යෑම අනුව තුවාලය සිදුවන විට ඇය සෘජු කායකින් සිටි බව පැහැදිලිය. නිදා සිටියදී මෙවන් තුවාලයක් ඇතිවූවානම් රුධිරය ගෙල ඔස්සේ පහලට ගලා යෑම වෙනුවට කන් අසලින් පහලට වැටී මුහුණ ප්රකදේශයේ ලේ පැල්ලම් ඇතිවනු ඇත.
නමුත්......
දෙවැනි කොටස බලාපොරොත්තු වන්න.

Comments
Post a Comment