න්‍යෂ්ටික බලශක්තිය

න්‍යෂ්ඨික බලය පිරිසිදු බලශක්ති සම්පතකි . න්‍යෂ්ටික බලශක්ති ප්‍රභවය වන්නේ යුරේනියම් පරමාණු බෙදීම මගින් ලබාගන්නා ශක්තියයි . එනම්, විඛණ්ඩනය ලෙස හැඳින්වෙන ක්‍රියාවලියකි.  විදුලිය උත්පාදනය සඳහා ටර්බයින් යන්ත්‍රයක් භාවිතා කරන අතර එය කැරකවීමට අවශ්‍ය වාෂ්ප නිෂ්පාදනය සඳහා තාපය උත්පාදනය කිරීමට න්‍යෂ්ටික ශක්තිය භාවිතා කරයි. න්‍යෂ්ටික  බලාගාර සඳහා ඉන්ධන දහනය නොකිරීම නිසා හරිතාගාර වායු විමෝචක නිෂ්පාදනය නොකරයි. දිනකට පැය 24 පුරාවට බලශක්ති සැපයීම නිසා මෙය බලශක්ති ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ශක්ති සංකලනයෙහි වැදගත් කොටසකි. කාබන් විමෝචනයකින් තොර නිසා, එය අනාගතය සඳහා වැදගත් පිරිසිදු බලශක්ති සම්පතක් වනු ඇත    

වර්තමානයේ ආසන්න වශයෙන් විදුලියෙන් 17% ක් න්‍යෂ්ටික බලාගාර වලින් නිපදවනු ලබයි.  ප්‍රංශය වැනි සමහර රටවල විදුලි බලයෙන් 75% කට වඩා වැඩි ප්‍රමාණයක් න්‍යෂ්ටික බලාගාර මගින් නිෂ්පාදනය කරයි. එක්සත් ජනපදය සමස්ථ විදුලි බලයෙන් 15% ක් පමණ න්‍යෂ්ටික බලයෙන් නිපදවයි.


 න්‍යෂ්ටික බලාගාර වල ඉන්ධන සඳහා pellets ( සම්පීඩනය කරන ලද කාබනික ද්‍රව්‍ය වලින් සදන ලද ඉන්දන)  භාවිතා කරයි. එහි සෙරමික් ආකෘතියක සිරස් අතට 3% පමණ යුරේනියම්  U-235 අඩංගු වේ.
Pellets ඉන්දන දඬු වලට සමාන්තරව අසුරා ඇති අතර ඒවා අතරින් පතර ඇති චලනය කල හැකි පාලක පොලු වලට සම්බන්ධයි   . පාලක පොලු මගින් න්‍යෂ්ටික ප්‍රතික්‍රියා පාලනයෙන් තොරව ක්‍රියා කිරීම වැලකීම හා ප්‍රතික්‍රියාකාරකයට සේවය සැපයීම සඳහා  ක්‍රියා කරයි. සමස්ථ පද්ධතිය  ජලයෙන් යටවී ඇත. එමගින් එහි අභ්‍යන්තරය නියමිත පරිදි සිසිලනය කරයි.

මධ්‍යම ප්‍රමාණයේ බලශක්ති බලාගාරයක,ප්‍රතික්‍රීයක ලෙස pellets මිලියන 13 ක් පමණ තිබිය හැකි අතර, ඒවා වසර 3 ත් 4 ත් අතර කාලයක් එහි රැදී පවතී. බලශක්තිය උත්පාදනය කිරීම කාර්යක්ෂමව පවත්වා ගැනීම සඳහා ඉන්දන දඬු තුනෙන් එකත් කාලත් අතර ප්‍රමාණයක්  මාස 12 සිට 18 දක්වා කාලයකදි මාරු කරයි.

ප්‍රතික්‍රියා බදුන( reactor vessel) පළමුව විකිරණ ප්‍රතිරෝධී ආවරණයක් තුළ පිහිටා ඇති අතර පසුව එය තවත් ආවරණ ව්‍යුහයක පිහිටුවා ඇත.  විකිරණ කාන්දුවීම් වලින් ප්‍රජාවගේ  ආරක්ෂිත බව සහතික කිරීමට මෙම ද්විත්ව බිත්ති නිර්මාණයහි අරමුණයි. මෙම ව්‍යුහයන්  විශාල මගී ගුවන් යානා සහ අනෙකුත් ප්‍රධාන  අනතුරු / ප්‍රහාරවල බලපෑම හමුවේ නොබිඳී සිටීමට සැලසුම් කර ඇත.

න්‍යෂ්ටික විඛණ්ඩනය තාපය නිපදවයි. මෙම තාපය ජලය උණුසුම් කර වාෂ්ප බවට පත් කරයි. ජෙනරේටර් සවිකර ඇති අතර වාෂ්ප බලයෙන් ටර්බයින/ විදුලි ජනකය කරකවා විදුලි බල නිෂ්පාදනය කරයි. න්‍යෂ්ටික බලශක්ති උත්පාදනය ගල් අඟුරු හෝ ඩීසල් බලාගාර වල පරිදිම විදුලිය නිපදවයි. ඉන් වෙනස් වන්නේ, ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් මෙන් න්‍යෂ්ටික බලාගාර වල හරිතාගාර වායු නිපදවන්නේ නැති වීමයි. නමුත් මේවායෙන් ඉවතලන න්‍යෂ්ටික අපද්‍රව්‍ය විකිරණශීලී බැවින් ගැටලු මතුවෙ. ඒවා බැහැරලීමට විශේෂ විධිවිධාන ඇත.

  වර්තමානයේ භාවිතා කරන ප්‍රතික්‍රියාකාරක ප්‍රධාන වර්ග දෙකකි. එනම් පීඩනය කරන ලද ජල (PWR) සහ උතුරන වතුර (BWR) ප්‍රතික්‍රියාකාරක වේ.
1. පීඩන ජල ප්‍රතික්‍රියාකාරකයේ දී ජලය න්‍යෂ්ටික ප්‍රතික්‍රියා  මගින් රත් කර ඇතත්, වතුර පීඩනයට ලක් වන නිසා එය වාෂ්ප නොවේ. ප්‍රතික්‍රියාකාරකයේ වාෂ්ප, බාහිරින් ඇති  වාෂ්ප උත්පාදක යන්ත්‍රයේ ජලය වාෂ්ප  කරවයි. මිශ්‍ර නොවේ .
2. න්‍යෂ්ටික විඛණ්ඩනය මගින් නිපදවන තාපය හේතුවෙන් ජල තාපාංකය තුළ ජලය වාෂ්ප වී යයි. ප්‍රතික්‍රියාකාරකයෙන් ජලය ටර්බයිනය කරකවයි. පද්ධති දෙකෙහිම ජලය නැවත භාවිතා වේ.

අමතරව අධි උෂ්ණත්ව reactors ප්‍රධාන වර්ග 3ක් භාවිතා වේ. සාමාන්‍යයෙන් ඒවා මිනිරන් කුහර වලින් ආවරණය වන අතර 1000°cට ඉහල උෂ්ණත්වයකට රත් වේ.  හීලියම් වායුව යොදාගෙන සිසිලනය කරයි. මෙම උෂ්ණත්වය නිසා බලශක්තියට අමතරව H2 වායුව නිපදවීමටද හැක. මේවා ජල සිසිලන reactors පද්ධතිය වලට වඩා ආරක්ෂිතයි.
අනාගතයේදී ලෝක බලශක්තිය න්‍යෂ්ටික බලශක්තිය මත රඳා  පවතිනු ඇත. එහිදි reactor වල ව්‍යුහය ආරක්ෂාකාරී හා කාර්යක්ෂම බව කෙරෙහි ඉතා වැදගත් වනු ඇත.

සටහන කවීශ පෙරේරා
⁣තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි

Comments