කැම්පස් යන්න කලින් හිතන්න දෙයක්

පෙරටුගාමීන්ගේ සමහර වැඩ වලට (අධ්‍යාපන නොවන) මම සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් පෙරටුගාමීන් සමාජවාදීන් විදිහට අන්තගාමී නොවීම සහ කෙලින් වැඩ කිරීම සිද්ධ වෙනවානම් ඔවුන්ට හොද දේශපාලන ගමනක් තියෙනවා. කතන්දර ගොඩයි අවුරුදු 50ක විතර කතා මම දන්නවා ඒවා කියන්න යන්නෙ නෑ ඔයාලා ගිලපු ගුලි ගැන ඔයාලට ඇඩෙයි. කැම්පස් කාලෙ හැමෝම සමාජවාදීන් හැබැයි එලියට ආපු ඒ අය චන්දෙ දීලා එක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්වත් පෙරටුගාමීන්ට නෑ. ඒ ඇයි? අන්න ඒ ගැන පොඩ්ඩක් හිතන්න.. දේශපාලනය ඔයිට වඩා තීක්ෂණ විදිහට කරොත් සුබ අනාගතයක් තියෙයි. ධනවාදය ලංකාවට ගැලපෙන එකක් නොවෙයි. අන්තගාමී සමාජවාදයත් එහෙමයි. කැම්පස් එකේ බුද්ධිමත් අයියලා අක්කලා එකතු වෙලා මේ රටේ අනාගතේ හදන්න එහෙම දෙයක් කරොත් ගොඩක් වටිනවා. සමාජවාදියෝ සහ විප්ලවවාදියෝ කොටස් දෙකක්. විප්ලවේදි යක්ෂයා එක්ක හරි ගණුදෙනු කරන්න වෙනවා. හැබැයි සමාජවාදියා කරන්නේ සියළු දෙනාට නිසි තැන සමාන අයිතීන් ලබා දෙන එක මිනිස්සුන්ගේ යහපතට අවශ්‍යම දේ ඒකයි. 89 විප්ලවේදි සමාජවාදී රුසියාව විප්ලවේ මඩින්න ආධාර දුන්නේ ඇයි? හිතලා බලන්න.. සමාජවාදය කියන්නේ මිනිස්සුන්ට කරදර කරන දෙයක් නෙවෙයි. ඔය අයියලා අක්කලා නිදහස් අදහස් දැක්වීමේ අයිතියවත් රකිනවද? නෑනේ.. නාදුනන සාමුහිකයේ ශේන් අයියාව ප්‍රබුද්ද අයියව එල්ලල ගහන්න ගියේ අදහස් ප්‍රකාශ කරපු නිසා නේද? හැබැයි එයාලගේ අදහසේ නේද සැබෑ සමාජවාදය තිබ්බේ? පොඩ්ඩක් හිතන්න. දැන් මාව එල්ලන විදිහ ප්ලෑන් කරන්න එපා බය වෙන්න එපා මට කැම්පස් යන්න තරම් මොලයක් නෑ ඒ නිසා මාව එල්ල ගන්න බැරි වෙයි. හැබැයි මෝඩ මම කිව්ව දේ බුද්ධිමත් ඔය අයියලා අක්කලා හිතයි කියලා හිතනවා. මම අහපු සරල ප්‍රශ්න ගැන පොඩ්ඩක් හිතන්න ඉතිහාසය කියවලා බලන්න. මොකක් හරි තේරෙයි.
.
විප්ලව කරපු අයගෙන් පොඩ්ඩක් අහන්නකෝ මොකද හිතෙන්නේ කියලා ඒ ගැන? විප්ලවේ කරන්න ඕනේ අතින් පයින් නෙවෙයි මිනිස්සුන්ට දැනෙන්න බුද්ධියෙන්..Image result for socialism

Comments