අද අපි කථා කරන්න යන්නේ trypanophobia එහෙමත් නැත්නම් ඉදිකටු හා තියුණු දේ කෙරේ දක්වන බිය පිලිබදවයි. සාමාන්‍යයෙන් මිනිසුන් සියළුම දෙනා යම් හෝ දෙයක් කෙරේ භයක් දක්වනවා. එය කෙතරම් උත්සාහ කරත් වලක්වා ගන්න බැරි දෙයක්. ඇතැම් අය සර්පයන්ට බයයි තවත් අය උස තැන් වලට බයයි ඔය අතරේ තවත් කට්ටියක් ඉන්නවා උල් දෙයක් දැක්කත් සිහි නැතුව වැටෙන. අපි හැමෝම එන්නත් කටු වලට පොඩි කාලෙ බයයි. හැබැයි ඔයාලා දැකලා ඇති අවුරුදු 40-50 මිනිස්සුත් බයේ දගලනවා එන්නත් කරන්න ගියාම. ඉතින් මේක තමයි trypanophobia ලෙස හදුන්වන්නේ. මේ තත්වය මග හරවා ගන්න තියෙන හොදම ක්‍රමය තමයි ඒකට මුන දෙන එක. උදාහරණයක් විදිහට මම පොඩි කාලෙ හෙනම බයයි එන්නත් කටු වලට ඉස්කෝලෙ එන්නත් ගහනවා කිව්වොත් අනිවාරෙන් ඉස්කෝලේ කට් කරනවා ඉස්සර. හැබැයි පස්සේ කාලෙක මගේ පරීක්ෂණ වැඩ වලට රුධිරය අවශ්‍ය උනාම මට වෙන විසදුමක් තිබ්බේ නෑ මගේම රුධිරය ගැනීම හැර ඉතින් මම එක පාරටම කට්ටක් පාවිච්චි කරලා ලේ ගත්තා එදායින් පස්සේ මට තනිව රුධිරය සිලින්ජරයකට ලබා ගැනීමට තරම් ධෛර්යයක් ලැබුනා. හැබැයි ඉස්සර මම ඒකට ගොඩක් බයයි. කොහොම උනත් පස්සේ කාලෙක ඒ බය නැති කර ගත්ත එක මට ගොඩක් වැදගත් උනා. ඔය විදිහට මේ ලෝකෙ තියෙන ඕනෙම බයක් නැති කර ගන්න පුළුවන් මගේ ජීවිතේදි මට තිබුණ බය වර්ග 3යි
- trypanophobia - තියුණු දෑ සදහා ඇති බිය
- atychiphobia - අසමත් වීමට ඇති බිය
- Ophidiophobia - සර්පයන් කෙරේ ඇති බිය
ඉත්නි ඕකෙන් 1 හා 3 දෙකම ඊට මුහුණ දීලා නැති කරගන්න මට පුළුවන් උනා අන්තිමට ඒවා නැති කරගන්න උත්සාහ කරලා සාමාන්‍ය මනුස්සයෙක් ඒ කෙරේ දක්වන බියටත් වඩා අඩු ඇත්තෙන්ම කිව්වොත් නිකන් සෙල්ලමක් වගේ උනා. සර්පයෝ දැන් බල්ලෙක් අල්ලනවා වගේ.. අන්තිමට සර්ප විෂ වර්ගීකරණ පද්ධතියක් පවා හැදුවා සර්පයන් ගැන ඇතිවුණ ආසාව නිසා. ඉතින් ඔය කැරපොත්තන්ට ලේ වලට බය අයටත් කරන්න තියෙන හොදම දේ ඒකට මූන දෙන එක ඒ සදහා පිලිගත් ක්‍රම වේදය ඊලග ලිපියෙන්..
Comments
Post a Comment